ක්‍රිකට්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අසාධාරණ මාධ්‍ය වාර්තා ගැන කණගාටුයි - ඇන්ජලෝ

  • 2016 ඔක්තෝබර් 24

ක්‍රිකට් ක්‍රීඩකයන් මුදලට කෑදර පිරිසක් යැයි හැඟවෙන පරිදි පළවූ මාධ්‍ය වාර්තා දැක තමන් අතිශය කණගාටුවට පත්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

ඔහු මෙසේ සිය අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩකයන් අතර ඇතිකරගත් වාර්ෂික කොන්ත්‍රාත් ක්‍රමය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

"අපි සල්ලිවලට පෙරේත වෙලා කෑදර වෙලා අපි කොන්ත්‍රාත් අත්සන් කරන්නේ නැහැ කියලා මාධ්‍යවල තිබ්බා, අසාධාරණ ලෙස අපිව විවේචනයට ලක් කළා" යැයි කී ඇන්ජලෝ මැතිව්ස්, "අපි මේ වගේම 2013 වසරේත් මුල්‍ය අර්බුදයක් තියෙනකොට වැටුප අඩුකරගන්න එකඟ වුනා, මොකද අපි දන්නවා දේශීය ක්‍රීඩකයන්වත් බලාගන්න ඕන ක්‍රිකට් ඉදිරියට යන්න නම්" යනුවෙන් පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටිටය් නිසි තොරතුරු නොමැතිව ක්‍රීඩකයන් විවේචනයට ලක් නොකරන ලෙසය.

තම අබාධය මෙන්ම ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකු හෙට්ටිගේ එල්ලකළ චෝදනාවට ද ඇන්ජලෝ මැතිව්ස් දුන් පිළිතුරු සඳහා ඉහත වීඩියෝව නරඹන්න.

සබැඳි විෂයයන්