ගුවන් අනතුරින් මිය ගිය ක්‍රීඩකයන්ට ප්‍රණාමය
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගුවන් අනතුරින් මිය ගිය ක්‍රීඩකයන්ට ප්‍රණාමය

  • 2016 නොවැම්බර් 30

කොලොම්බියාවේදී අනතුරට පත් ගුවන් යානයේ ගමන් කළ ෂෙපෙකෝඑන්සි පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් වෙනුවෙන් බ්‍රසීලයේ දකුණු දිග ෂෙපෙකෝ නගරයේ දස දහස් සංඛ්‍යාත ජනතාව ප්‍රණාමය පුද කරමින් සිටිති.

ෂෙපෙකෝ නගරයේ වීදි ඔස්සේ ක්‍රීඩාගාරය වෙත පැමිණි ෂෙපෙකෝඑන්සි පාපන්දු ලෝලීහු අනතුරින් මිය ගිය ක්‍රීඩකයන් වෙනුවෙන් යාඥා කළහ.

පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් ඇතුළු හැත්තෑ හත් දෙනෙක් අනතුරට පත් යානයේ ගමන් ගත්හ.

මැඩලීන් නගරය ආසන්නයේ සිදු වූ අනතුරින් එහි ගමන්ගත් හය දෙනෙකු පමණක් දිවි බේරා ගෙන ඇති බව බලධාරීහු පවසති.

විදුලි පරිපථයක හටගත් දෝෂයක් අනතුරට හේතු වී ඇතැයි විශ්වාස කෙරේ.

සබැඳි විෂයයන්