ක්‍රිකට්: ධනංජය ද සිල්වා නායකත්වයට

  • 2017 පෙබරවාරි 13
ධනංජය ද සිල්වා Image copyright Getty Images
Image caption ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ නායකත්වය සඳහා ධනංජය ද සිල්වා නම් කරනු ලැබ තිබේ

සංචාරක එංගලන්ත 'ලයන්ස්' කණ්ඩායම සහ ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගිවන ක්‍රීඩකයන් පහළොස් දෙනකුගෙන් සමන්විත සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කරනු ලැබ තිබේ.

ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ සංචිතය නම් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය විසිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් සිය කටයුතුවලට බලපෑම් කරන බව පවසමින් සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ඉල්ලා අස්වීමට සූදානම් වූ බවට පසුගියදා ජනමාධ්‍ය වාර්තාකර තිබුණි.

ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ නායකත්වය සඳහා ධනංජය ද සිල්වා නම් කරනු ලැබ තිබේ.

පෙබරවාරි දාහත් වෙනිදා ශ්‍රී ලංකාවේ ආරම්භ වීමට නියමිත තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ ක්‍රීඩක ලැයිස්තුව:

  1. ධනංජය ද සිල්වා (නායක)
  2. දිමුත් කරුණාරත්න
  3. උදාර ජයසුන්දර
  4. සඳුන් වීරක්කොඩි
  5. චරිත් අසලංක
  6. රොෂේන් සිල්වා
  7. ළහිරු ගමගේ
  8. කසුන් රාජිත
  9. රොන් චන්ද්‍රගුප්ත
  10. කසුන් මධුසංඛ
  11. අසිත ප්‍රනාන්දු
  12. ඩිල්රුවන් පෙරේරා
  13. අමිල අපෝන්සු
  14. ජෙෆ්රි වැන්ඩසේ
  15. මාලින්ද පුෂ්පකුමාර

එංගලන්ත 'ලයන්ස්' කණ්ඩායම මාර්තු 11 වෙනිදා දක්වා ශ්‍රී ලංකාවේදී තරග වැදීමට නියමිතයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර