ක්‍රිකට් නායකත්වය ගැන ඇන්ජලෝගෙන් ප්‍රකාශයක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ක්‍රිකට් නායකත්වය ගැන ඇන්ජලෝගෙන් ප්‍රකාශයක්

  • 2017 මාර්තු 3

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුවනු ඇති බවට පසුගිය දකුණු අප්‍රිකානු සංචාරය අතරතුර විවිධ මාධ්‍ය වාර්තා පළවිය.

එම මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේය.

කෙසේ වෙතත් ඇතැම් ක්‍රීඩා විචාරකයන් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා "කුමන්ත්‍රණයක්" ක්‍රියාත්මක වෙමින් පවතින බවය.

නායකත්වය ගැන

බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් දැක්වීය.

ඇන්ජලෝ මැතිව්ස් සමග කරන ලද සම්පුර්ණ සාකච්ඡාව අද (මාර්තු 03) ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රි 09.00 ට බීබීසී සිංහල ෆේස්බුක් ඔස්සේ බලාපොරොත්තු වන්න.