ICC සභාපති ඉල්ලා අස්වෙයි

  • 2017 මාර්තු 15
ෂාශන්ක් මනෝහර් Image copyright Getty Images
Image caption ෂාශන්ක් මනෝහර්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ෂාශන්ක් මනෝහර් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඔහු එම ධුරයේ කටයුතු කළ කාලය මාස අටකි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකුවන ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පළමු ස්වාධීන සභාපතිවරයා ද විය.

අපක්ෂපාතී සහ සාධාරණ ලෙස කටයුතු කිරීමට උත්සාහ කළ නමුත් පෞද්ගලික හේතු මත එය ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයේ නිල කාලය වසර දෙකකි.

2016 වසරේ මැයි මස සභාපතිත්වයට තේරී පත් වූ ෂාශන්ක් මනෝහර් ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්ත ත්‍රිත්වය ලෙස සැළකෙන එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව යන රටවල ක්‍රිකට් පාලක මණ්ඩල වෙතින් එල්ල වන බලපෑම අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ගෙන ඒමට කටයුතු කරමින් සිටියේය.

සබැඳි විෂයයන්

බීබීසී යෙන්