'නිදහස් කුසලානය 2018' - තුන්කොන් තරගාවලියක්

  • 2017 මාර්තු 15
Image caption 'නිදහස් කුසලානය 2018'

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තුන් කොන් ක්‍රිකට් තරගාවලියක් ලබන වසරේ පැවැත්වෙන බව ක්‍රිකට් බලධාරීහු නිවේදනය කරති.

මෙම තරගාවලිය සංවිධානය කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ හැත්තෑවෙනි නිදහස් සැමරුම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ද හැත්තෑ වසරක් සපිරීම නිමිත්තෙනි.

'නිදහස් කුසලානය 2018' ලෙස නම්කර ඇති මෙම තරගාවලිය ලබන වසරේ මාර්තු 15වැනිදා සිට 31වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත්කර ඇති නිවේදනයක දැක්වේ.

මෙය විස්සයි විස්ස තරගාවලියක් වන අතර ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවට නිදහස ලැබී පනස් වසරක් සපිරුණු 1998 වසරේදී ද මෙවැනි තුන් කොන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වුණු අතර ඉන්දියාව සහ පකිස්ථානය ඊට සහභාගී විය.