thilanga
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සුරියවැව ක්‍රීඩාංගණය සුදු අලියෙක් -තිලංග

  • 2017 මැයි 21

සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය "දරාගත නොහැකි සුදු අලියෙක්" බවට පත්වී ඇති බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල ප්‍රකාශ කරයි.

සභාපතිවරයා මේ බව කියා සිටියේ සූරියවැව ක්‍රීඩාංගණයේ වර්තමාන තත්වය පිළිබඳව සොයාබැලීම සඳහා අද (මැයි 21) එහි නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුවය.

"අදත් තමුන්නාසේලා බොහොම අමාරුවෙන් දහඩියෙන් ඉන්නේ. මේක (වායුසමීකරණ යන්ත්‍රය) අපි විනාඩි දහයකට ඔන් කළොත් ලක්‍ෂ හයක් යනවා. මේකේ සමස්තය හදල තියෙන්නේ සෙන්ට්‍රල් එයාර්කන්ඩිෂන්. වෙන වෙනම කාමරවලට හයිකරලා නැහැ... අඩුමගානේ අවුරුද්දට දවස් 150ක් වත් සෙල්ලම් කරන්න ඕන. එතකොට තමයි විකට් පදම් වෙන්නේ. අද ඒක වැළකිලා තියෙන්නේ අපිට මේක දරාගන්න බැරි සුදු අලියෙක් බවට පත්වෙච්ච නිසා" යනුවෙන් ඔහු මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

ප්‍රදේශය පුරා සිටින වන අලින් ද ක්‍රීඩාංගණයට තර්ජනයක් වී ඇති බව සභාපතිවරයා පැවසීය.

"මෙම ක්‍රීඩාංගණයේ කටයුතු නියමිත ප්‍රමිතියකින් අවසාන කරලා ඉංජිනේරුවන්ට භාරදීලා නෑ. ක්‍රිකට් පාලක මණ්ඩලය භාර අරගෙන නෑ. කොන්ත්‍රාත්කරුවන් සම්පූර්ණ කරලා විධිමත් විදියට නෙවෙයි මේක භාර අරං තියෙන්නෙ. ඒ නිසා මෙතන තාක්ෂණික ගැටලු ගොඩක් තිබෙනවා" යනුවෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල ප්‍රකාශ කළේය.