බදු චෝදනා: රොනාල්ඩෝ 'රියල් මැඩ්රිඩ්' ක්‍රීඩා සමාජයෙන් ඉවත් වේද?

  • 2017 ජුනි 17
Real Madrid forward Cristiano Ronaldo Image copyright Getty Images

ආදායම් බදු වංචා කළ බවට එල්ලවන චෝදනා නිසා තමා දුකට සහ කලකිරීමට පත්ව සිටින බව පවසන 'රියල් මැඩ්රිඩ්' සුපිරි පාපන්දු තරුව, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමාට ක්‍රීඩා සමාජයෙන් ඉවත්ව යාමට අවශ්‍ය බව පවසා ඇතැයි ස්පාඤ්ඤයෙන් වාර්තා වෙයි.

ඔහුගේ සමීප හිතවතෙක් බීබීසීයට කියා සිටියේ "තමන් අවංක පුද්ගලයෙකු මෙන්ම නීත්‍යනුකූලව සියල්ල සිදු කර ඇතැයි" යන්න රොනල්ඩෝගේ විශ්වාසය බවය.

2011 සහ 2014 කාලය තුළ රොනාල්ඩෝ ඩොලර් දශ ලක්ෂ ගණනක බදු වංචාවක් සිදු කර ඇති බවට ඔහුට විරුද්ධව පැමිණිල්ල මෙහෙයවන ස්පාඤ්ඤ නීතිවේදීහු චෝදනා නගති.

එහෙත් රොනල්ඩෝ එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

2009 වසරේ දී එංගලන්තයේ 'මැන්චෙස්ටර් යුනයිටඩ්' ක්‍රීඩා සමාජයෙන් ඉවත් වූ රොනාල්ඩෝ 'රියල් මැඩ්රිඩ් 'ක්‍රීඩා සමාජයට එක් විය.

එතැන් සිට 'චැම්පියන්ස් ලීග්' තරඟාවලිය තෙවරක් ද 'ලා ලීගා' තරඟාවලිය දෙවතාවක් ද රියල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජයට දිනා දීමට ඔහු සහාය විණි.

ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ පෘතුගාල් ජාතික පාපන්දු කණ්ඩායමේ නායකයා වෙයි.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්