කාන්තා ක්‍රිකට්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කාන්තා ලෝක කුසලානය - ශ්‍රී ලංකාවට පෙරළිකාර ජයක් ලැබිය හැකිද?

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ජුනි මස 24 වෙනි දින එංගලන්තයේදී ආරම්භ වේ.

සත්කාරක එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව, පකිස්තානය සහ ශ්‍රී ලංකාව මෙවර කාන්තා ලෝක කුසලානයට ක්‍රීඩා කරන කණ්ඩායම් 8වේ.

මෙතෙක් පැවති ජගත් කුසලාන එකොළහෙන් පහකට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වී තිබේ. ඒ 1997, 2000, 2004, 2009 සහ 2013 යන වසරවලදීය.

ලෝක කුසලාන තරග 28ක් ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට හැකිව තිබෙන්නේ තරග හතක් පමණි.

ලෝක කුසලාන තරගාවලියක ශ්‍රී ලංකාව දැක්වූ හොඳම දක්ෂතාව 2013 ඉන්දියාවේ පැවති ලෝක කුසලානයේ සුපර් සික්ස් වටයට තේරීම වන අතර එම තරගාවලියේ ප්‍රභල එංගලන්ත හා ඉන්දීය කණ්ඩායම් පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

කෙසේ නමුත් 2017 වසරේ ක්‍රීඩා කළ තරග එකොළහකින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙන්නේ තරග දෙකක් පමණක් වීම මෙවර තරගාවලියේ ගැන එතරම් බලාපොරොත්තුවක් ඇතිකිරීමක් නොවුනත්

මාර්තු මස පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී බංග්ලාදේශය හා පකිස්තානය පරාජය කිරීමත් දකුණු අප්‍රිකාවට එරෙහිව හොඳ තරගයක් ලබාදීමට හැකිවීමත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වලට එක් උදාහරණයකි.

තරගාවලිය ජයග්‍රහණය කරනු ඇතැයි ක්‍රීඩා විචාරකයන් නම් කර ඇති රටවලට ශ්‍රී ලංකා කණ්ඩායම නම් නොකරත් 2013 මෙන් ප්‍රභල කණ්ඩායමක් පරාජය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.