thilanga
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"ක්‍රීඩකයන් ගැන නරක මතයක් හැදුවේ පරණ ක්‍රිකට් පාලකයෝ"

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් මුදල්වලට මුල් තැන දී ක්‍රීඩා නොකරන බව ශ්‍රීලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා පවසයි.

IPL තරගවලට හොඳින් ක්‍රීඩා කරන බවටත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරද්දී එතරම් උනන්දුවක් නොදක්වන බවටත් මතයක් ගොඩනගනු ලැබ ඇත්තේ මීට පෙර ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වූ ඇතැමුන් විසින් බව වත්මන් සභාපති තිලංග සුමතිපාල ප්‍රකාශ කළේය.

"සමහර අය හිතනවා සල්ලි හම්බවෙන නිසා හොඳට සෙල්ලම් කරනවා. රටට ක්‍රීඩා කරද්දී එහෙම නැහැ කියල. එහෙම මතයක් හැදුන කලින් හිටිය එක එක පරිපාලනවලින්. මේ IPL විරුද්ධවෙලා, මතවාද හදල මේ සල්ලි සල්ලි කියල හැදුව. ඒ නිසා මේ ක්‍රීඩකයන්ට ලොකු හානියක් සිද්ධ වුනා. ඒක හදපු මතවාදයක්. ඒ මතවාදය බිඳින්න අමාරුයි. ඒක තමයි තිත්ත ඇත්ත." යනුවෙන් ඔහු [පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රිමියර් ලීග් තරගාවලියක්

ක්‍රිකට් සභාපතිවරයා මේ බව කියා සිටියේ අද (ජුනි 27) පැවති මාධ්‍ය හමුවකදී ය.

ඔහු තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට එවැනි චෝදනාවක් එල්ල කිරීම අසාධාරණ බවය.

වසර 2018දී ශ්‍රී ලංකාවේ ද ප්‍රිමියර් ලීග් තරගාවලියක් ආරම්භ කිරීමට සැලසුම් කරන බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.