ශ්‍රී ලංකාව පරදා සිම්බාබ්වේ ජය ලබයි

Image copyright Getty Images

සංචාරක සිම්බාබ්වේ පිළ හා අද සෙනසුරාදා (ජුලි 08) පැවති තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් විය.

මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 300 ක් රැස් කළේය.

හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමග ඩක්වත් ලුවිස් න්‍යායට අනුව සිම්බාබ්වේ කණ්ඩායමට ඕවර 30 ඇතුළත ලකුණු 219 ක ඉලක්කයක් ලබා දුණි.

ඒ අනුව කඩුලු 06 ක් දැවී නියමිත ඉලක්කය ජය ගැනීමට සිම්බාබ්වේ පිතිකරුවෝ සමත් වූහ.

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට තරග දෙකක දී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 200 ක සම්බන්ධතාවක් පැවැත්වූ පළමු පිතිකරු යුගලය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක වාර්තාවක් පිහිටුවීම තරගයේ විශේෂත්වයකි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර