ක්‍රිකට්: කාන්තා ජගත් කුසලානය ගැන මේ කරුණු දැන සිටියාද?

ලෝක ශූර ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම Image copyright Icc

සති ගණනාවක් මුළුල්ලේ පැවති මූලික වටයේ තරග සහ අවසාන පූර්ව තරගවලින් අනතුරුව කාන්තා ක්‍රිකට් ජගත් කුසලානයේ අවසාන මහා තරගය ඉරිදා (ජුලි 23) ලන්ඩන් නුවරදී පැවැත්වේ.

ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදර ලෙස සැලකෙන ලෝඩ්ස් පිටියේදීය.

දිගු තරගාවලියක් හමාරයේ සත්කාරක එංගලන්තය සහ ඉන්දියාව ජගත් කුසලානය දිනාගැනීම පිණිස පිටියට පිවිසෙති.

1973 දී ආරම්භ වූ කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දියාව මෙවර අවසාන මහා තරයකට මුහුණ දෙන්නේ දෙවෙනි වතාවටය. 2005 දී අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුව ද ඕස්ට්‍රේලියාව පරදා කුසලානය දිනාගැනීමට ඉන්දීය කාන්තා පිල අපොහොසත් විය.

සබැඳි යොමු:

කෙසේ නමුත් ඉන්දියාව මෙවර අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුවේ අවසාන පූර්ව තරගයේදී ලෝක ශූර ඕස්ට්‍රේලියාව පරාජය කරමිනි.

මීට ඉහතදී තරගාවලියට අනුග්‍රහය දැක්වූ අවස්ථා දෙකේදීම - 1973 දී සහ 1993 දී - ජගත් කුසලානය දිනාගැනීමට එංගලන්ත කාන්තාවෝ සමත්වූහ.

එයට අමතරව 2009 දීත් එංගලන්තය ජගත් කුසලානයේ සාඩම්බර හිමිකරු විය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
'සංගාගෙන් ආරම්භ වී ජයසූරියගෙන් අවසන් කළ ඉනිම' ගැන චමරි

කිසියම් ලෙසකින් ඉරිදා තරගයේදී ඉන්දියාව ජයග්‍රහණය කළහොත්, ලෝක කුසලාන ඉතිහාසයේ කුසලානය දිනාගන්නා සිව් වෙනි කණ්ඩායම එයය. මීට ඉහතදී ක්‍රිකට් ක්‍රීඩාවේ කාන්තා ලෝක කුසලානය හිමිකරගෙන තිබෙන්නේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ නවසීලන්තය පමණි.

අවසාන මහා තරගයට පිටියට පිවිසෙන ඉන්දියාව සහ එංගලන්තය මීට ඉහතදී දෙවතාවක් ලෝඩ්ස් පිටියේදී එක් දින තරගවලට මුහුණ දී තිබේ. එහිදී කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගැනීමට සමත්විය.

මේ අතර තරගාවලියේදී තරග හයකට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත්වූයේ පකිස්තානයට එරෙහිව ලෙස්ටර් පිටියේ පැවති තරගය පමණි.

කෙසේ නමුත් ලෝක ශූර ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේදී නොදැවී ලකුණු 178 ක් රැස් කරමින් චමරි අතපත්තු ලෝක ශූරතාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළ ක්‍රීඩිකාව බවට පත්වූවාය.

ඒ සමග කාන්තා එක් දින ක්‍රිකට් තරගයක වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩිකාවන් අතර තෙවැනි ස්ථානයට පත් වූ චමරි අතපත්තු, මෙවර තරගාවලියේ වැඩිම හතරේ පහර රැස් කළ ක්‍රීඩිකාවන් අතර තුන් වෙනි ස්ථානයට ද පත් වී සිටින්නීය.