ඉන්දීය ක්‍රිකට් සභාපති තාවකාලිකව ඉවත්වෙයි

  • 2013 ජුනි 2
N Srinivasan
Image caption සභාපතිවරයාගේ බෑණනුවන්ද පරීක්ෂණයට අදාලව අත් අඩංගුවේ පසුවෙයි

අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීගයේ තරඟ පාවාදීම සඳහා ක්‍රීඩකයන් අල්ලස් ලබාගත් බවට එල්ල වී තිබෙන චෝදනා හමුවේ පදවියෙන් තාවකාලිකව ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නරෙන්ස්වාමි ශ්‍රිනිවාසන් එකඟත්වය පළ කොට තිබේ.

මතුවී තිබෙන වාතාවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස තමිල්නාඩුවේ චෙන්නායි නුවර පැවැත්වුණු පාලක මණ්ඩලයේ විධායක කමිටුවේ හදිසි රැස්වීමකදීයි, එම තීරණයට එළැඹී තිබෙන්නේ.

සභාපති එන් ශ්‍රිනිවාසන් පදවියෙන් ඉල්ලා අස්විය යුතු බවට පාලක මණ්ඩලයේ ජ්‍යෙෂ්ට නිලධාරීන් ඉල්ලා සිටි බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි.

කෙසේ නමුත්, චෝදනා සම්බන්ධ පරීක්ෂණ අවසන් වනතුරු ජග්මෝහන් ඩල්මියාට සභාපති පදවිය පැවරීමට විධායක කමිටුව එකඟවිය.

ඒ සමඟම සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දී සිටි පාලක මණ්ඩලයේ ලේකම් සන්ජේ ජග් ඩාලේ සහ භාණ්ඩාගාරික අජේ ෂිර්කේ එම ඉල්ලා අස්වීම් ඉවත් කරගත්හ.