චැම්පියන්ස් ශූරතා පළමු තරඟයෙන් ලංකාව පරාදයි

Sri Lanka vs New Zealand
Image caption ලකුණු දෙක බැගින් ලබා සිටින නවසීලන්තය සහ එංගලන්තය ශ්‍රී ලංකාව තරඟ වදින ඒ කණ්ඩායමේ ඉදිරියෙන් සිටී

වේල්සයේ කාඩිෆ් හි සොෆියා ක්‍රීඩාංගනයේ පැවැත්වුණු අයිසීසී චැම්පියන්ස් ශූරතා තරගයේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරඟයේදී නවසීලන්ත කණ්ඩායමට තියුණු තරඟයක් දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක කඩුල්ලක පරාජයක් අත් විය.

කාසියේ වාසිය ඉරිදා ලබාගනිමින් පළමුව පන්දුවට පහර දීම තෝරාගත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් ලකුණු 138 කට සීමා කිරීමට නවසීලන්තය සමත් වූ අතර, ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට පන්දුවට පහර දීමට අවස්ථාව සැලසුනේ ඕවර් 37.5 කට පමණි.

තිදෙනෙක්ම දැවී ගියේ එකදු ලකුණක්වත් නොලබාය.

සිත් ගන්නා ඉනිමක් තරග කළ එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලකුණු 68ක් රැස් කළ කුමාර් සංගක්කාර පමණි.

හය දෙනකුම දැවී ගියේ 10ට අඩු ලකුණු සංඛ්‍යාවකටය.

තිස් හත් වැනි ඕවරයේදී කඩුලු නමයක් දැවී ලකුණු 140 ක් රස කළ නවසීලන්ත කණ්ඩායම තියුණු තරඟයකින් අනතුරුව ජයග්‍රහණය අත් කර ගත්තේය.

මේ අනුව ශ්‍රී ලංකාව තරඟ වදින ඒ කණ්ඩායමේ නවසීලන්තය සහ එංගලන්තය ලකුණු දෙක බැගින් ලබාගෙන ඉදිරියෙන් සිටී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර