පෙරට යාම තීන්දු කෙරෙන ඕවල් සටන ඇරඹෙයි

අයිසීසී චැම්පියන්ස් ශුරතා තරඟා වලියේ 'ඒ' කණ්ඩායමේ දොළොස්වැනි තරඟය අද එංගලන්ත වේලාවෙන් පස්වරු එකට පමණ ආරම්භ විය.

අද තරඟයේ කාසියේ වාසිය ඕස්ට්‍රේලියානු පිල සතු වුන අතර ඔවුහු පන්දුවට පහර දීම ශ්‍රී ලංකා පිලට භාර කළහ.

මෙම තරඟාවලියේ රැඳී සිටීමට නම් ශ්‍රී ලංකා පිල මෙම තරඟය ජය ගැනීම අනිවාර්ය කොන්දෙසියක් බවට පත්ව ඇත.

ඒ අනුව මෙය ශ්‍රී ලංකා පිලට අතිශයින් තීරණාත්මක වෙයි.

අද තරඟ වදින ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ තරඟය ජයග්‍රහණය කළත්,අවසාන පූර්ව තරඟයට ඔවුන් සුදුසුකම් ලැබීම අතින් ද පවතින්නේ අවිනිශ්චිත තත්වයකි.

'ඒ'කණ්ඩායමේ එංගලන්තය කුසලතා ලකුණු පුවරුවේ ලකුණු හතරක් ලැබ දැනටමත් අවසාන අර්ධ පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලැබ සිටී.

නවසීලන්තය ලකුණු තුනක් ලැබ සිටින හෙයින් දැනට කුශලතා ලකුණු පුවරුවේ එක ලකුණක් පමණක් ලැබ සිටින ඔස්ට්‍රේලියාව මේ තරඟය ජයග්‍රහණය කළත් අවසාන අර්ධ පූර්ව තරඟයට සුදුසුකම් ලැබීම තවමත් සහතික නොවූ තත්වයකුයි පවතින්නේ.