චැම්පියන්ස් ශූරතාවලියේ අවසන් තරඟයට වැස්සෙන් බාධා

Fans waiting for the match to begin
Image caption තරඟය පැවැත්වීමට නොහැකි වුවහොත් කණ්ඩායම දෙකම ජයග්‍රාහකයන් ලෙස නම් කිරීමට නියමිතයි

සත්කාරක එංගලන්තය සහ ඉන්දියාව අතර බර්මින්හැම් නුවරදී ආරම්භ වීමට නියමිත චැම්පියන්ස් ශූරතාවලියේ අවසන් තරඟය පැවැත්වීමට නොහැකි වන ලකුණු පලවෙමින් තිබේ.

කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත පිලේ නායක ඇලිස්ටෙයාර් කුක්, මුලින්ම පන්දුවට පහර දීම ඉන්දියාවට භාර කළ නමුත් වර්ෂාව හේතුවෙන් තරඟය තවමත් ආරම්භ වී නැත.

කිසියම් ලෙසකින් තරඟය පැවැත්වීමට නොහැකි වුවහොත් කණ්ඩායම දෙකම ජයග්‍රාහකයන් ලෙස නම් කිරීමට නියමිතයි.

තවත් විස්තර හැකි ඉක්මනින්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර