ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉන්දියාවේ ක්‍රිකට් පාලනය කරන්නේ මාෆියාවක් - ලලිත් මෝඩි

9 ඔක්තෝබර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 16:31 GMT

සංවිධානාත්මක 'මාෆියා කල්ලි' සමඟ එක්වී තරඟ පාවා දෙමින් ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරමින් සිටින බවට අයිපීඑල් ශූරතාවලියේ නිර්මාතෘවරයා ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ට චෝදනා කරයි.

බීබීසී හාඩ්ටෝක් වැඩ සටහනට එක් වෙමින් ඒ බව කියා සිටි ලලිත් මෝඩි, අයිපීඑල් තරඟ පාවා දීමට සම්බන්ධ බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල පරීක්ෂණ වාර්තාවේ ප්‍රතික්ෂේප කරයි.

බුකිකරුවන් ඇතුළු 'මාෆියා කල්ලි සාමාජිකයන්' බොහෝ වතාවක් තරඟ පාවාදීමේ අරමුණින් තමාටද යෝජනා ඉදිරිපත් කළ බවත්, එයට එරෙහිව දැඩි ස්ථාවරයක් දැරීම හේතුවෙන් තමන්ට මරණ තර්ජන පවා එල්ල වූ බවත් ඔහු පවසයි.

දූෂණ චෝදනාවලට වැරදිකරු බව තීරණය කරනු ලැබීමෙන් අනතුරුව ලලිත් මෝඩිට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමක් පණවා තිබේ.

එහෙත් ඉන්දීය ක්‍රිකට් බලධාරීන් යනු මාෆියා කණ්ඩායම් සමඟ සමීපව කටයුතු කරමින් ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන 'එකම කණ්ඩායමක්' බවයි, ලලිත් මෝඩි පවසන්නේ.