වැටුප් ප්‍රශ්නයට තවම විසඳුමක් නෑ - මැතිව්ස්

  • 9 මාර්තු 2014
Image copyright AP
Image caption 'තවම අපි එකඟතාවයකට ඇවිත් නෑ. බෝඩ් එකෙන් අපි රිප්ලයි එකක් එනකම් ඉන්නේ'

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තු ප්‍රශ්නයට තවමත් විසඳුමක් ලැබී නැති බව කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කරයි.

ආසියානු කුසලානය ජයග්‍රහණය කොට රතු පලස් මැද්දෙන් යලි ශ්‍රී ලංකාවට ලඟා වීමෙන් අනතුරුව කොළඹදී මාධ්‍යවේදීන් ඇමතූ ඇන්ජලෝ මැතිව්ස් ඉතා ඉක්මනින්ම ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

"ඒක ගැන තවම අපි එකඟතාවයකට ඇවිත් නෑ. බෝඩ් එකෙන් අපි රිප්ලයි එකක් එනකම් ඉන්නේ," යනුවෙන්ද ඔහු පැවසීය.

ජයග්‍රාහී කණ්ඩායම කටුනායක සිට කොළඹ බලා ගමන් කළ අවස්ථාවේ ක්‍රීඩා ලෝලීහු විශාල පිරිසක් මඟ දෙපස රැස්ව ප්‍රීති ඝෝෂා නගමින් සිටියහ.

එවැනි පිළි ගැනීමක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් නායක මැතිව්ස් ක්‍රීඩාලෝලීන්ට සහ ක්‍රිකට් බලධාරීන්ට සිය ස්තුතිය පුද කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීම පිණිස තවත් දින කිහිපයකින් යලි බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර