ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අවසාන තරඟවලින් ඉවත් කිරීම ගැන කණගාටුයි- රංගන

අවසාන පූර්ව තරඟයේදී ක්‍රීඩා කිරීමෙන් අනතුරුව 2011 සහ 2012 ලෝක කුසලාන දෙකේදීම තමන් අවසාන මහා තරඟයෙන් ඉවත් කිරීම පිළිබඳව කණගාටු වන බව ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පවසයි.

රංගන හේරත් ඒ බව කියා සිටියේ, විස්සයි විස්ස ලෝක කුසලානය දිනා යලි සිය රට පැමිණීමෙන් අනතුරුව බීබීසීයේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

අවසාන මහා තරඟවලට යොදා නොගැනීම පිළිබඳව කණගාටු වූ නමුත්, තරඟයට ගැලපෙන පරිදි ක්‍රීඩකයන් යොදාගැනීමට අවශ්‍ය වූ බව තමන්ට වැටහුණු බවද ඔහු පැවසීය.

'විශ්‍රාම ගන්නේ නෑ'

පසුගිය ඉරිදා බංග්ලාදේශයේ පැවැත්වුණු අවසාන මහා තරඟය ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ එකම අවසාන තරඟයයි.

"ඉතින් මේ තරඟයට මට අවස්තාව ලැබුනම මට ගොඩක් සන්තෝෂයක් දැනුනා මොකද මමත් මේ ජයග්‍රහණය කළ කණ්ඩායමේ සාමාජිකයෙක් නිසා," යනුවෙන්ද රංගන හේරත් සඳහන් කළේය.

කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන අනුගමණය කරමින් ලෝක කුසලානයෙන් අනතුරුව විස්සයි විස්ස ක්ෂේත්‍රයෙන් විශ්‍රාම ගන්නේ දැයි අසාම් අමීන් මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් රංගන හේරත් කියා සිටියේ මේ අවස්ථාවේ විශ්‍රාම ගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් නැති බවයි.