සචින්, ගංගුලි පාපන්දු කණ්ඩායම් මිළදී ගනී

Image caption ඉන්දියාව තුළ පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීම මෙහි අරමුණ

පාපන්දු සුපර් ලීග් තරගාවලියක් ආරම්භ කිරීමට ඉන්දියාව සැලසුම් කර තිබේ.

සචින් තෙන්දුල්කාර්, සව්රව් ගංගුලි වැනි ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ප්‍රසිද්ධ බොලිවුඩ් නළු නිලියන් පාපන්දු කණ්ඩායම් මිල දී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සුපර් ලීග් කණ්ඩායම් අටක් තරග වදින මෙම පාපන්දු තරගාවලිය ලබන සැප්තැම්බරයේ දී ආරම්භ වන බවයි සමස්ත ඉන්දීය පාපන්දු සම්මේලනය කියා සිටියේ.

ක්‍රිකට් ක්‍රීඩාව අතිශය ජනප්‍රියත්වයට පත් වී තිබෙන ඉන්දියාව තුළ පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීම මෙහි අරමුණ වී තිබේ.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිකුත් කර ඇති ලෝක ශ්‍රේණිගත ලැයිස්තුව තුළ ඉන්දීය ජාතික පාපන්දු කණ්ඩායමට හිමි වී ඇත්තේ එකසිය හතළිස් පස් වැනි ස්ථානයයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර