ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සියල්ල සුදානම්

දෙදහස් දාහතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සුදානම්.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේදී බදාදා පැවැත්වීමට නියමිත ක්‍රීඩා උළෙලට ලොව වටා සිටින හාරදහස් පන්සීයකට ආසන්න මළල ක්‍රීඩකයෝ සහභාගී වෙති.

උළෙලේ මෙහෙයවීම කටයුතු සඳහා ජාතීන් හැත්තෑ එකක් නියෝජනය කරමින් නිලධාරීන් දෙදහසක් පැමිණ සිටිති.

තරඟ නැරඹීම සඳහා ග්ලාස්ගෝ නගරයට පැමිණ සිටින ක්‍රීඩාලෝලීන් සහ නගරවාසීන් නව ජීවයකින් පසුවන බවයි, ක්‍රීඩා උළෙලේ තරඟ සංවිධායක ප්‍රධාන විධායක ඩේවිඩ් ග්‍රේවෙම්බර්ග් පවසන්නේ.