ශ්‍රීනිවාසන් දූෂණ චෝදනාවලින් නිදහස්

Image copyright AFP
Image caption නාරායන්ස්වාමි ශ්‍රීනිවාසන් ක්‍රිකට් ලෝකයේ බලගතුම පුද්ගලයා වශයෙන් සැලකේ

ඉන්දීය ප්‍රීමියර් ලීග තරඟ දූෂණ පිළිබඳ චෝදනා ලැබ සිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලයේ සභාපති නාරායනස්වාමි ශ්‍රීනිවාසන් එම චෝදනාවලින් නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

අයිපීඑල් විස්සයි විස්ස ක්‍රිකට් තරඟ වලදී දූෂණ සිදු කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වූ කමිටුවේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් විය.

ශ්‍රීනිවාසන් තරඟ පවා දීම් වලට සම්බන්ධ වී නොමැති බවත් එල්ල වූ චෝදනා මග හැර ගොස් නැති බවත් පරීක්ෂණ කමිටු වාර්තාවේ සඳහන්.

ඒ අනුව ක්‍රිකට් ලෝකයේ බලගතුම පුද්ගලයා වශයෙන් සැලකෙන ශ්‍රීනිවාසන්ට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමට අවස්ථාව ලැබේ.

මේ අතර දෙදහස් දහතුන අයිපීඑල් තරඟාවලිය අතරතුර නීති විරෝධී ලෙස සූදු වල යෙදුණු බවට ශ්‍රීනිවාසන්ගේ බෑනා කෙනෙකු වන ගුරුනාත් මෙයියප්පන්ට චෝදනා එල්ල වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර