ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සචිත්‍ර චෝදනාවෙන් නිදහස්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත මීළඟ එක්දින ජාත්‍යන්තර තරග දෙක සඳහා සචිත්‍ර සේනානායක කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

පුහුණු සැසි වාරයක් අතරතුර ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් තුවාල ලැබීමත් සමගයි සචිත්‍ර සේනානායක නැවතත් කණ්ඩායමට ඇතුළත් කිරීමට තීරණය කර ඇති බව නිවේදනය කෙරුණේ.

පසුගිය ජුනි මාසයේදී පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා ලැබූ සචිත්‍ර සේනානායක තාවකාලික තරඟ තහනමකට ලක් විය.

සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තමාට දන්වා ඇති බව සචිත්‍ර සේනානායක සංදේශයට පැවසුවේය.

‘මම හුඟාක් සන්තෝස වෙනවා. අද තමයි මගේ රිපෝර්ට් එක ඇවිල්ලා තියෙන්නේ. ඉදිරියට සෙල්ලම් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා’ යැයි ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක වැඩි දුරටත් කියා සිටියේය.