ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හෙට හැඟුම්බර දවසක් වේවි -මහේල

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන හෙට තමන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන අවසන් තරගයට සහභාගි වීමට නියමිතයි.

මේ වන විට ටෙස්ට් පිටියෙන් සමු ගෙන සිටින මහේල ජයවර්ධන එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී එක් දින පිටියට සමු දෙන බව මින් පෙර ප්‍රකාශයට පත් කළේය.

එංගලන්තය සමග හෙට දිනයේ ආර් ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන මෙම එක් දින තරගය සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරද ශ්‍රී ලංකාවේ දී සහභාගී වන අවසන් එක් දින තරගය වේ.

ලෝක කුසලානයෙන් පසු එක් දින පිටියෙන් සමු ගන්නා බවට පසුගිය දා නිවේදනය කල කුමාර් සංගක්කාර ලබන වසර මැද ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ඉන්දීය පිලේ ටෙස්ට් සංචාරය අවසානයේදී ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට සුදානම් බවටයි වාර්තා වන්නේ.

අද ආර්.ප්‍රේමදාස පිටියේදී ශ්‍රී ලංකාවේ තමන් සහභාගි වන අවසන් පුහුණු සැසියට සහභාගි වුණු මහේල ජයවර්ධන බිබිසිය වෙනුවෙන් මුණ ගැසුනා අසාම් අමින්.

හෙට තමන්ට හා කුමාර් සංගක්කාරට ඉතා හැඟුම්බර දිනයක් වනු ඇති බව පැවසූ මහේල ජයවර්ධන හෙට තරගය ඉතා සතුටින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි පැවසුවේ.