දෝනි ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දෙයි

Image copyright AP

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගනියි.

දෙදහස් පහ වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි තිස්තුන් හැවිරිදි දෝනි ටෙස්ට් ක්‍රිකට් තරග අනූවකට සහභාගී වී ඇති අතර ඉන් තරග හැටකට නායකත්වය ලබා දී තිබේ.

මහේන්ද්‍ර සිං දෝනි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව නිවේදනය කළේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පැරදුමකින් තොරව අවසන් වීමත් සමගයි.

එක් දින සීමිත ඕවර සහ විස්සයි විස්ස තරග සඳහා වැඩි අවධානයක් යොමු කිරීම පිණිස ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ බවයි සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි පවසන්නේ.

ඉන්දියාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ ටෙස්ට් ක්‍රිකට් නායකයන් අතරින් මහේන්ද්‍ර සිං දෝනි එක් අයෙක් බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළේය.