ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ ලොකු තැනටම ගියා - සනත්

සිය කීර්ති නාමය විනාශ කිරීමේ අරමුණ ඇතිව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ක්‍රිකට්‌ ආයතන ලේකම් නිශාන්ත රණතුංග සැලසුම් සහගත වැඩපිළිවෙළක්‌ දියක්‌ කළ බවට සුපිරි පිතිකරු කුමාර් සංගක්‌කාර කළ චෝදනාව මේ වනවිට ක්‍රිකට් ලෝකයේ දැඩි කතා බහට ලක්වෙමින් තිබෙන මාතෘකාවක්.

2013 වසරේ චැම්පියන්ස්‌ ලීග් තරඟාවලියේදී තමන් තෝරාගත යුත්තේ ''මුදල්ද'' නො එසේනම් ''රටද'' යන ප්‍රශ්නය මතුකරමින් තමන් වැරදිකරුවකු ලෙසින් හුවා දැක්වීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ක්‍රිකට්‌ ආයතන ලේකම් නිශාන්ත රණතුංග උත්සාහ කළ බවට කුමාර් සංගක්‌කාර ඊමේල් පණිවුඩයක් සඳහන් කර තිබේ.

නවසීලන්ත තරඟ සංචාරයක නිරතව සිටින කුමාර් සංගක්‌කාර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ මෙහෙයුම් කළමනාකරු වන කාල්ටන් බර්නාඩස්‌ සමඟ ඊමේල් මාර්ගයෙන් සිදුකරන ලද පණිවිඩ හුවමාරුවක තොරතුරු මාධ්‍ය අතට පත්වීමත් සමඟයි, එය උණුසුම් පුවතක්‌ බවට පත්වුණේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී කුමාර් සංගක්‌කාර නියෝජනය කරන ලද කණ්‌ඩායම මෙන්ම ශ්‍රී ලංකාවේ විස්සයි විස්ස තරඟාවලියේ ඔහු නියෝජනය කළ කණ්‌ඩායම චැම්පියන්ස්‌ ලීග් තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා තිබීම හේතුවෙන් මෙම ගැටළුව පැන නැගිණි.

2013 චැම්පියන්ස් ලීග් තරඟාවලියට සහභාගි වීමට අවසර දෙමින් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය විසින් එවන ලද ඊමේල් පණිවිඩය නොලැබුන බැවින් එහි පිටපතක් තමන්ට ලබාදෙන ලෙස කුමාර් සංගක්කාර කළ ඉල්ලීමකුයි මෙම නවතම ආන්දෝලනයට තුඩු දී තිබෙන්නේ.

මෙම ආන්දෝලනය පිළිබඳව බීබීසී යේ අසාම් අමීන් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය සමඟ පැවැත්වූ සාකච්ඡාවක් මේ.