ජගත් කුසලානය: ශ්‍රී ලංකාව දෙවැනි වටයට

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ සම අනුග්‍රහයෙන් පැවැත්වෙන ජගත් ක්‍රිකට් කුසලානයේ දෙවැනි වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි.

ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුන මූලික වටයේ තරඟයෙන් බංග්ලාදේශය එංගලන්තය පරාජයට පත්කිරීමත් සමඟම ශ්‍රී ලංකාව අර්ධ අවසාන පූර්ව තරඟ සඳහා සුදුසුකම් ලැබුවේ මූලික වටයේ තවත් තරඟයක් ඉතිරිව තිබියදී.

Image copyright Getty
Image caption ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ බංග්ලාදේශයද ඒ කාණ්ඩයෙන් අර්ධ අවසාන පූර්ව තරඟ සඳහා සුදුසුකම් ලබා සිටී

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ බංග්ලාදේශයද ශ්‍රී ලංකාව තරඟ වදින ඒ කාණ්ඩයෙන් අර්ධ අවසාන පූර්ව තරඟ සඳහා සුදුසුකම් ලබා තිබේ.

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයකු වන චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු තනතුර දරන අතර, රුවන් කල්පගේ කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ පුහුණුකරුවාය.

තවමත් බී කාණ්ඩයෙන් දෙවැනි වටයට තේරී සිටින්නේ ඉන්දියාව පමණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර