ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මොහමඩ් අමීර් පන්දුව යළි අතට ගනී

ක්‍රිකට් තරඟ පාවා දීමේ චෝදනාවලට වරදකරු කරනු ලැබ තරඟ තහනමකට ලක් වී සිටි පකිස්ථාන් ක්‍රිකට් ක්‍රීඩක මොහමඩ් අමීර් දේශීය තරඟ සඳහා පමණක් අවසර ලැබීමෙන් පසු අද සිය පළමු තරඟයට සහභාගී විය.

එම තරඟය පැවැත්වුනේ පකිස්ථානයේ රාවල්පින්ඩි නගරයේ.

දෙදහස් දහය වසරේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වුන තරඟාවලියක් අතරවාරයේයි, ඔහු තරඟ පාවා දීමේ චෝදනා වලට ලක් වුනේ.

සිය කණ්ඩායම පරාජය වන පරිදි ‘නිපන්දු’(No Balls) යැවීමයි ඔහුට එරෙහි චෝදනාව වුනේ.

ක්‍රිකට් ක්‍රීඩා ලෝකයට පුනරාගමනය සම්බන්ධයෙන් බීබීසීයට අදහස් දැක් වූ මොහමඩ් අමීර් කියා සිටියේ, ‘පසු තැවීමෙන් පලක් නොමැති අතර ඉදිරිය බැලීමට අවශ්‍ය’ බවයි.

ක්‍රීඩා තහනම සිය දිවියේ අතිශයින් දුෂ්කර අවධිය වූ බව කියා සිටි මොහමඩ් අමීර් සිය ඉලක්කය ජාත්‍යන්තර තරඟ වලට සහභාගී වීම බවයි මාධ්‍යයට ප්‍රකාශ කළේ.