ලෝක කුසලාන අවසාන තරඟයට ලාංකිකයන් දෙදෙනෙක්

Image copyright AFP
Image caption කුමාර ධර්මසේන අවසාන මහා තරඟයේ එක් විනිසුරුවරයකු වන අතර, රන්ජන් මඩුගල්ල තරංග තීරකවරයායි

ලබන ඉරිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ක්‍රිකට් ජගත් කුසලානයේ අවසාන මහා තරඟයට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුද නම් කොට තිබේ.

තරඟයේ තීරකවරයා ලෙස කටයුතු කරන රන්ජන් මඩුගල්ලේ සහ විනිසුරුවරයකු වන කුමාර් ධර්මසේන එම ශ්‍රී ලාංකිකයන් දෙදෙනායි.

එංගලන්තයේ රිචර්ඩ් කෙට්ල්බරා අනෙක් තරඟ විනිසුරුවරයා වන අතර, දකුණු අප්‍රිකාවේ මරයිස් එරස්මුස් අවසාන මහා තරඟයේ රූපවාහිනී විනිසුරුවරයා ලෙස කටයුතු කරයි.

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර බ්‍රහස්පතින්දා පැවති අවසාන පූර්ව තරඟයේදී ලෝක ශූර ඉන්දියාව ලකුණු 95 කින් පරාජයට පත්කරමින් ඕස්ට්‍රේලියාව අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබීය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කළ නවසීලන්තය ඒ වනවිටත් අවසාන මහා තරඟයට සුදුසුකම් ලබා සිටියේය.

ඒ අනුව ලෝක කුසලානයේ අවසාන මහා තරඟය සත්කාරක රටවල් අතර සටනක් බවට පත් වී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර