ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

චානක වෙලගෙදර ලෝක වාර්තාවක් සම කරයි

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ පන්දුවාර හතරක දී අඩුම ලකුණු සංඛ්‍යාවක් ලබාදුන් පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් සම කිරීමට යුනියන් ක්‍රීඩා සමාජයේ නායක වේග පන්දු යවන ක්‍රීඩක චානක වෙලගෙදර සමත් විය.

මීට පෙර එම වාර්තාව පිහිටුවා තිබුණේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ක්‍රිස් මොරිස් විසිණි.

චානක වෙලගෙදර පන්දු වාර හතරක දී ලකුණු දෙකක් පමණක් ලබා දෙමින් කඩුලු හතරක් බිඳ හෙලීමට ද සමත් විය.

කලක් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක වේගපන්දු යවන්නා ලෙස කටයුතු කළ චානක වෙලගෙදර ආබාධයට ලක් වීම හා විවධ හේතුන් මත කණ්ඩායමේ ස්ථානය අහිමි තත්වයකයි සිටියේ.

බිබිසියට අදහස් දක්වමින් චානක වෙලගෙදර පැවසුවේ තමන්ගේ සුපුරුදු පැරණි රිද්මයට මේ වන විට පැමිණ සිටින බවයි.

ශ්‍රී ලංකා තේරීම් කමිටුව පසුගිය කාලය පුරා චානක වෙලගෙදර ඇතුලත් කළේ ටෙස්ට් තරග සදහා පමණි.

අන්තර් පළාත් 'විස්සයි විස්ස' තරගාවලියේ කණ්ඩායමක පවා ස්ථානයක් ඔහුට හිමි නොවුණි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් වෙලගෙදර පැවසුවේ, ටෙස්ට් තරඟවලට පමණක් නොව එක්දින හා විස්සයි විස්ස තරඟවලටද තමන් සුදානම් බවයි.

චමින්ද වාස් ගෙන් පසු ශ්‍රී ලංකාව නියෝජනය කළ සාර්ථකම වමත් වේගපන්දු යවන්නා ලෙස සැළකෙන චානක වෙලගෙදර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුළු පනස් පහක් දවා ගෙන ඇත.