ශ්‍රී ලංකාව කොදෙව් පිළ හා පැවති තරඟාවලියෙන් ජය ලබයි

Image copyright Getty
Image caption තරඟ දෙකකින් සමන්විත මෙම තරඟාවලිය නම් කෙරුණේ සෝබර්ස් - තිසේරා කුසලාන තරගාවලිය ලෙසයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ජය ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2-0 ලෙස තරඟාවලියේ ජය තහවුරු කර ගැනීමට සමත් වෙයි.

පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාව ලකුණු 200ක් රැස් කළ කොදෙව් පිලට රැස් කර ගත හැකි වූයේ ලකුණු 163ක් පමණයි.

දෙවන ඉනිම ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව ලකුණු 206 රැස් කළ අතර ඒ සඳහා කොදෙව් පිළ රැස් කළ ලකුණු සංඛ්‍යාව 171ක්.

ඒ අනුව තරඟයෙන් ලකුණු 72ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

Image copyright Getty
Image caption ලකුණු 56ට කඩුලු 4 ක් දවා ගැනීමට දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සමත් විය

ලකුණු 56ට කඩුලු 4 ක් දවා ගැනීමට දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සමත් වූ අතර මිලින්ද සිරිවර්ධන ලබා ගත් කඩුලු සංඛ්‍යාව 3ක්.

2015 වසර සඳහා ශ්‍රී ලංකාව තරඟාවලියක් ජය ගත් පළමු අවස්ථාව මෙයයි.

තරඟ දෙකකින් සමන්විත මෙම තරඟාවලිය නම් කෙරුණේ සෝබර්ස් - තිසේරා කුසලාන තරගාවලිය ලෙසයි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් සහ මයිකල් තිසේරා තරඟ නැරඹීම සඳහා පැමිණ සිටියහ.