ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කොදෙව්වන්ට එරෙහි අවසන් හයේ පහර ගැන අජන්තගේ මුවින්

පන්දු යැවීමේදී නව වෙනසක් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් පවසයි.

ක්‍රිකට් ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් තාවකාලිකව පිටියෙන් ඉවත් වී සිටියේ කොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන්.

බටහිර ඉන්දීය කොදෙව් පිළට එරෙහිව පසුගියදා පැවති එක්දින ජාත්‍යන්තර තරඟයේදී ඔහු ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණය කරා ගෙන ගියේ හයේ පහරක් එල්ල කොට පිත්තෙන් දස්කම් පාමින්.

එම හයේ පහර සහ තමාගේ ඉදිරි ක්‍රිකට් දිවිය පිළිබඳ ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් අදහස් දැක්වූයේ බීබීසීයේ අසාම් අමීන් සමග සාකච්ඡාවකට එක් වෙමින්.