යසීර් ෂාට තාවකාලික තරඟ තහනමක්

Image copyright Getty
Image caption විනය පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් යසීර් ෂාට තාවකාලික තරඟ තහනමක් පැනවීමට තීන්දු කළ බවයි අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ

තහනම් උත්තේජක පරීක්ෂණයකින් අනතුරුව පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක යසීර් ෂාට තාවකාලික තරඟ තහනමක් පනවා තිබේ.

පසුගිය මාසයේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව අබුඩාබි අගනුවර පැවති දෙවන එක් දින තරඟයෙන් අනතුරුව විසි නව හැවිරිදි ක්‍රීඩකයාගේ මුත්‍රා සාම්පල තුළ තහනම් උත්තේජක අඩංගු බව සනාථ විය.

විනය පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් යසීර් ෂාට තාවකාලික තරඟ තහනමක් පැනවීමට තීන්දු කළ බවයි අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

2011 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ යසීර් ෂා ටෙස්ට් තරඟ 12 කට සහභාගී වී ඇති අතර ජාත්‍යන්තර එක් දින තරඟ 15 ක ක්‍රීඩා කොට තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ගේ බී සාම්පලයේත් තහනම් උත්තේජක තිබෙන බව පසුගියදා තහවුරු විය.

ජගත් පාලක මණ්ඩලයේ විනය පරීක්ෂණය තවමත් පැවැත්වෙන බැවින් ඔහුට ලබා දෙන දඬුවම තවමත් තීරණය වී නොමැත.