ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ක්‍රිකට් ව්‍යාපාරික මාෆියාවක් - අර්ජුන

1996 වසරේ ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කර දුන් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හෙබවූ අමාත්‍ය අර්ජුන රණතුංග ක්‍රිකට් ආයතනයේ උපසභාපති ධුරය සඳහා තරග කොට පරාජයට පත් විය.

නිලවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කළේ තමන් දෙවන වරටත් ක්‍රිකට් ආයතනයේ තනතුරකට තරග කර පරාජය වීම "ක්‍රිකට් ව්‍යාපාරික මාෆියාව" හේතුවෙන් සිදුවූවක් බවයි.

"මට මන්ත්‍රීවරයෙක් ලෙස ඕනෑම දිස්ත්‍රික්කයකට ගිහිල්ලා දිනන්න පුළුවන්. හැබැයි ක්‍රිකට් නිලවරණයේ උප සභාපති තනතුරක් වත් දිනන්න බැහැ මේ ව්‍යාපාරික මාෆියාව නිසා. ඒක තමයි ක්‍රීඩා ඇමතිවරු අතුරු පාලක කමිටු පසු ගිය කාලේ ඇති කළේ. දැන් මේවා වෙනස් විය යුතුයි" අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.