දහනවයෙන් පහළ ලෝක කුසලානය: ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

Image copyright ICC
Image caption අවිශ්ක ප්‍රනාන්දු පන්දු 96 කදී ලකුණු 95 රැස් කිරීමට සමත් විය

වයස දහනවයෙන් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ එක් දින අර්ධ අවසන් පූර්ව තරඟයෙන් එංගලන්ත පිළ පරාජයට පත් කොට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක ජයක් හිමි කර ගැනීමට සමත් විය.

තරඟයේ පැවැත්වූයේ බංගලාදේශයේ ඩකා අගනුවර මීර්පුර්හීදී.

පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 184ක්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිදු හසරංග ලකුණු 34 කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් විය.

එංගලන්ත කණ්ඩායමට එරෙහිව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04 ක් දැවී ජයග්‍රහණය කරා ළඟා වූයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනිමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 96 කදී ලකුණු 95 රැස් කිරීමට සමත් විය.

වයස දහනවයෙන් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අර්ධ අවසන් තරගය ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිතයි.