T20: දුලීප්ගේ ඕමාන කණ්ඩායමට පෙරළිකාර ජයක්

Image copyright Oman Cricket

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන දුලීප් මෙන්ඩිස් පුහුණුකරු වශයෙන් ක්‍රියා කරන ඕමාන කණ්ඩායම අද තමන්ට වඩා ප්‍රභල කණ්ඩායමක් වන අයර්ලන්තය පරදවා කඩුලු දෙකක් තියුණු ජයක් ලබාගැනීමට සමත් විය.

ලෝක කුසලානයේ පළමු වටයේ තරගයක් ලෙස මෙම තරගය ඉන්දියාවේ දරම්සාල ක්‍රීඩාන්ගනයේ පැවැත්විණි.

ඕමාන කණ්ඩායම ජාත්‍යන්තරට ශ්‍රේණි ගත කිරීම් වලට අනුව 29 වැනි ස්ථානයේ පසු වුවත් ලෝක කුසලානයට පෙර පැවති සුදුසකම් ලැබීමේ තරගාවලියේ දැක්වූ විශේෂිත දක්ෂතා හේතුවෙන් ලෝක කුසලානයේ පළමු වටයට සුදුසුකම් ලැබිය.

කෙසේවෙතත් මින් පෙර ලෝක කුසලානවල ප්‍රබල කණ්ඩායම් පවා පරාජය කර තිබු අයර්ලත්නය ඕමානය පහසුවෙන් පරාජය කරනු ඇති බවයි ක්‍රිකට් විචාරක මතය වුයේ.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක දුලිප් මෙන්ඩිස් වසර ගණනාවක සිට ඕමාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.