WT20 : ප්‍රබල ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව පරදී

Image copyright AFP

2016 විස්සයි විස්ස ලෝක කුසලානයේ තම ප්‍රථම තරග ක්‍රීඩා කල ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අද පරාජයට පත්වේ.

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර පැවති තරගය ලකුණු 8 ක් තියුණු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත්වූ අතර එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවති තරගය කඩුලු 2 කින් ජය ගැනීමට එංගලන්තය සමත් විය.

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය සමග පැවති තරගයේ කණ්ඩායම් දෙකම ලකුණු 150 කට අඩු ලකුණු සංඛ්‍යාවක් ලබාගත් අතර එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවති තරගයේ කණ්ඩායම් දෙකම ලකුණු 200 කට වඩා ලබාගැනීම විශේෂත්වයක්.

ලෝක කුසලානයේ සියළු දෙනාගේ අවධානය යොමුවී ඇති තරගයක් හෙට පැවැත්වේ. ඒ ඉන්දියාව හා පකිස්ථානය අතර තරගයයි.

ඉන්දියාව යම් හෙයකින් හෙට තරගය පරාජය වුවහොත් තරගාවලියේ ඉතිරි තරග දෙක ජයගත්තත් ලෝක කුසලානයේ අවසන් පුර්ව වටයෙන් ස්ථානයක් අහිමිව යාමට ඉඩ තිබේ.