මාලිංග ශ්‍රී ලංකාවට කැඳවූයේ 'ඔහුගේ ඉල්ලීම නිසා'

Image copyright SLC

සිය ආබාධිත තත්වය හේතුවෙන් තවදුරටත් ක්‍රීඩා කළ නොහැකි බව ලසිත් මාලිංග තමන්ට දන්වා තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එබැවින් ඔහු යළි ශ්‍රී ලංකාවට කැඳවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා බීබීසී සංදේශයට පැවසීය.

"එයා තමයි දන්වල තියෙන්නේ කළමනාකරුට එයාට ක්‍රීඩා කරන්න අමාරුයි කියල," ඔහු පැවසීය.

සිය ආබාධය හේතුවෙන් ලෝක කුසලානයට සහභාගි විය නොහැකි බව බලධාරීන්ට දැනුම් දී තිබුණු නමුත් එය නොතකා තමා කණ්ඩායමට තෝරා ගත් බවයි, ලසිත් මාලිංග මීට දින කිහිපයකට ඉහතදී පවසා තිබුණේ.

එහෙත් එය සත්‍යයෙන් තොර ප්‍රකාශයක් බව සංදේශයට කියා සිටි මොහාන් ද සිල්වා පවසන්නේ, නායකත්වයෙන් ඉවත්වන බව පමණක් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී තිබූ බවයි.

ලසිත් මාලිංග වෙනුවට තෝරා ගනු ලබන්නේ කවුරුන්ද යන්න පිළිබඳව අද කොළඹ දී පැවැත්වෙන පුහුණු තරඟයෙන් අනතුරුව තීරණය කෙරෙනු ඇති බවත් ඔහු පැවසීය.

බොහෝ දුරට සීක්කුගේ ප්‍රසන්න කණ්ඩායමට තෝරා ගනු ඇති බවයි ඇතැම් වාර්තාවල දැක්වුණේ.

"සීක්කුගේ ප්‍රසන්න විතරක් නෙවෙයි, සංචිතයේ හිටියා ජෙෆ්රි වැන්ඩසේ, එතකොට කසුන් රාජිත. ඉතින් පන්දු යවන්නෙක් වෙනුවට තේරීම් කමිටුව ඒ තුන් හතර දෙනාගෙන් කෙනෙක් තෝරා ගනීවි," මොහාන් ද සිල්වා වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර