ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

96 ලෝක ශූරයෝ යළි පිටියේ

'1996 ලෝක කුසාලනය' ජයග්‍රහණය කොට වසර විස්සක් ගත වීම නිමිත්තෙන් විශේෂ ක්‍රිකට් තරගයක් කොළඹදී පැවැතිවිණි.

අර්ජුණ රණතුංගගේ නායකත්වයෙන් 1996 කණ්ඩායම තරග වැදුණු අතර ඊට 1996 ලෝක කුසලානය නියෝජනය කල කුමාර් ධර්මසේන හැර සෙසු සියළු ක්‍රීඩකයෝ එක්ව සිටියහ.

කුමාර් ධර්මසේන දැන් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කිරීම මෙම තරගයට එක් නොවීමට හේතුවයි.

අනිත් ක්‍රිකට් විරුවන්ගේ කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ හිටපු ක්‍රිකට් නායක රොයිස් ඩයස් වන අතර සුපිරි පිතිකරු කුමාර සංගක්කාරද එම කණ්ඩායම නියෝජනය කළේය.

මෙම තරගයෙන් තියුණු 1 ලකුනක ජයක් ලබන්නට 96 ක්‍රිකට් විරුවෝසමත් වූහ.

උතුරු මැද පළාතේ වකුගඩු රෝගයෙන් පිඩාවට පත්වූවන්ට සහන සැළසීමට අරමුදල් සොයා ගැනීම මෙම තරගය ක්‍රීඩා කිරීමේ අරමුණ බවයි අර්ජුණ රණතුංග බීබීසියට පැවසුවේ.