ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

WT20: අද තීරණාත්මක තරඟය අබියස චන්දිමාල්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන් මනා පිති හරඹයක නොයෙදීම කණ්ඩායමට පාඩුවක් වූ බව දිනේෂ් චන්දිමාල් පැවසුවේය.

''මැද පෙළ පිතිකරුවන් සම්බන්ධයෙන් අපේ විශේෂ අවධානය යොමු වෙලා තිබෙනවා. පසු ගිය තරඟ තුළ ක්‍රීඩා කළ ආකාරය පැත්තකින් තබා මීළඟ තරඟ දෙක සඳහා අපි හැකි උපරිම දක්ෂතාව යොදවනවා.''

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ඒ බව කියා සිටියේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරඟයට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

'පසු ගිය වසර පහ හය දෙස ගත්තොත්, මම හිතන්නේ එංගලන්ත කණ්ඩායම විස්සයි විස්ස තරඟ දෙස වැඩි අවධානයක් යොමු කොට තිබුණේ නැහැ. රූට් සහ බට්ලර්, ඔවුන් තමයි වැදගත්ම ක්‍රීඩකයන් දෙදෙනා. ඔවුන් දක්ෂතා අතර පසු වෙනවා. අපි කිසම කණ්ඩායමක් අවතක්සේරු කරන්නේ නැහැ.' ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟය තවත් පැය කීපයකින් ආරම්භ වීමට නියමිතයි.