WT20: ශ්‍රී ලංකා කාන්තාවෝ දකුණු අප්‍රිකාව පරාජය කරති

Image copyright ICC

ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේදී දකුණු අප්‍රිකාව පරාජය කරමින් ඒ කාණ්ඩයේ තුන්වෙනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා කාන්තාවෝ සමත්වූහ.

මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර විස්ස අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 114 ක් රැස් කර ගත්තේය.

එයට පිළිතුරු වශයෙන් සිය ඕවර විස්ස අවසාන වනවිට දකුණු අප්‍රිකානු කාන්තා පිල රැස් කරගැනීමට සමත්වූයේ ලකුණු 104 ක් පමණි.

නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව මේ වනවිටත් කාන්තා ඒ කාණ්ඩයෙන් අර්ධ අවසාන වටයට සුදුසුකම් ලබා සිටින බැවින් කණ්ඩායම් දෙකම අර්ධ අවසාන වටයට සුදුසුකම් නොලබයි.

ජගත් කුසලානයේදී අයර්ලන්තය පරාජය කිරීමට මීට ඉහතදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව මේ වනවිට අට වැනි ස්ථානයේ පසුවේ.

දකුණු අප්‍රිකානු සහ ශ්‍රී ලංකා පුරුෂ කණ්ඩායම් අතර දැන් පැවැත්වෙන තරඟය ජගත් කුසලානයේ සුපර් 10 වටයේ අවසාන තරඟයයි.

එම කණ්ඩායම් දෙකද අර්ධ අවසාන වටයට සුදුසුකම් ලැබීමට සමත් නොවූහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර