ඉල්ලුමට සැපයුමක් දෙන්න බැහැ - රා නිෂ්පාදකයෝ

  • 2016 අප්‍රේල් 17
රා කර්මාන්තය Image copyright Shivanthi Fernando
Image caption "දැන් ඉන්න තරුණයො රා බොන්න උනන්දු නැහැ. ඒ අය අලුත් විදිහෙ මත්පැන්වලට හුරු වෙලා''

යාපනය මුල් කර ගත් උතුරු පළාතේ නාගරික ග්‍රාමීය ප්‍රදේශවල සාම්ප්‍රදායික කර්මාන්තයක්ව තිබු සිය කර්මාන්තය රජයේ නිසි සහයෝගයක් නැතිකමෙන් අඩාල වෙමින් පවතින බව රා කර්මාන්තකරුවෝ පවසති.

රා මදින්නන් හිඟකම හේතුවෙන් ඉල්ලුමට සරිලන රා සැපයුමක් පවත්වා ගැනීමට තමන්ට නොහැකි වී ඇති බවයි යාපනයේ සංචාරය කළ මාධ්‍යවේදිනී ශිවන්ති ප්‍රනාන්දුට රා හල් හිමියන් පවසා ඇත්තේ.

සමස්ත ශ්‍රී ලංකාවටම පොදු කර්මාන්තයක් වූ තල්, කිතුල් හා පොල් රා දිවයිනේ බොහෝ ප්‍රදේශවල සාම්ප්‍රදායික උරුමයකි.

"දැන් ඉන්න තරුණයො රා බොන්න උනන්දු නැහැ. ඒ අය අලුත් විදිහෙ මත්පැන්වලට හුරු වෙලා. ඒ ගැන එයාලට එහෙම දොස් කියන්නත් බෑ. මොකද අපි ලියාපදිංචි රා නිෂ්පාදනය කරන්නන් වෙලා අපේ දරුවන් මේකට සම්බන්ධ වෙන්නෙ නැහැ. ඒකත් මේ අභියෝගවලට තවත් හේතුවක්." ගුරු නගර් රා හලේ හිමිකරු පැවැසූ බවයි ශිවන්ති ප්‍රනාන්දු සංදේශයට වාර්තා කළේ.

රා යනු එක් අතකින් මත්පැන් වර්ගයක් වශයෙන් හැඳින්වුවද දේශීය විදේශීය මත්පැන් හා රා අතර වෙනස හැදෙන්නේ මෙසේයි. රා යනු ස්වභාවිකවම නිපදවනු ලබන්නකි. රා-වල බොහෝ කොටස් විවිධාකාරයෙන් ඖෂධ වශයෙන්ද ආහාරමය වශයෙන්ද භාවිතයට ගැනේ. මත්භාවය සිහිබුද්ධිය සිඳෙන තරමට අවදානමක්ද නැත.

'අවදානමක් නැහැ'

Image copyright Shivanthi Fernando
Image caption මීට වසර තුනකට පමණ පෙර සන්ධාන ආණ්ඩු කාලයේදී සංඛ්‍යා ලේඛනවලට අනුව යාපනයේ ජනගහනය මෙන් පහළොස් ගුණයක ජනතාවක් මත්පැන් භාවිතයට පෙළඹී සිටි බවයි මාධ්‍යවේදිනී ශිවන්ති ප්‍රනාන්දු කියා සිටියේ

රා හැඳින්වෙන්නේ ස්වභාවිකව නිෂ්පාදනය කෙරෙන මත්පන් වර්ගයක් වශයෙනි. යාපනය ඇතුළු උතුරුකරයේ අනන්‍යතාවක් වශයෙන් හැඳින්වෙන තල් ගස යනු එම ප්‍රදේශ පෝෂණය කරන කප් රුකක් බවයි එම ප්‍රදේශවල ජනතාව පවසන්නේ.

යම් ආකාරයක 'කෝපි කඩ' සංස්කෘතියක් රා-හල්වල පවතින අතර දුවා දරුවන්ගේ තොරතුරු, දේශපාලන කරුණු යනාදී සියල්ල කියවන්නට ලැබෙන පුවත් ඒජන්සියක් වශයෙනුත් 'රා-හල්' හැඳින්විය හැකි බවයි මාධ්‍යවේදිනී ශිවන්ති ප්‍රනාන්දු කියා සිටියේ.

මීට වසර තුනකට පමණ පෙර සන්ධාන ආණ්ඩු කාලයේදී සංඛ්‍යා ලේඛනවලට අනුව යාපනයේ ජනගහනය මෙන් පහළොස් ගුණයක ජනතාව මත්පැන් භාවිතයට පෙළඹී සිටින නමුත් ඒ රාවලින් තොරව වන අතර ආණ්ඩු මාරු වූවාට යාපනයේ මත්පැන් ප්‍රවර්ධනය කෙතරම් සාර්ථකව සිදු වන්නේද යන්න සනාථ කරන්නේ ඒ ආශ්‍රිත රාත්‍රී අවන්හල් සංස්කෘතිය වන බවයි බවයි ඇය පවසන්නේ.

යාපනයේ තල් රා ප්‍රවර්ධනය හා ඒ ආශ්‍රිත නව නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් විමසීමට යාපනය තල් සංවර්ධන මණ්ඩල වගකිව යුත්තන් සම්බන්ධ කර ගැනීමට නොහැකි තරමට ඔවුහු කාර්යබහුල වී සිටින බවද පැවසූ මාධ්‍යවේදිනී ශිවන්ති ප්‍රනාන්දු තල් ප්‍රවර්ධනය පිළිබඳව බොහෝ සැකසුම් ජනතාව හමුවේ තැබුවද රා කර්මාන්තය සම්බන්ධයෙන් ඔවුන් නිරුත්තර බව පැවසුවාය.

බලධාරීන්ගේ අවධානය

Image copyright Shivanthi Fernando
Image caption දුවා දරුවන්ගේ තොරතුරු, දේශපාලන කරුණු යනාදී සියල්ල කියවන්නට ලැබෙන පුවත් ඒජන්සියක් වශයෙනුත් 'රා-හල්' හැඳින්විය හැකිය

මේ සඳහා නව වැඩසටහන් අරඹන බව කියූවත් එකී කාරණා ආරම්භ කිරීමට තවත් කොතෙක් කාලයක් ගත වේද යන්න අනුමාන කළ නොහැක්කේ මීට වසර 04කට පෙරදී යාපනය තල් සංවර්ධන මණ්ඩලය අප වෙත ලබා දුන් පිළිතිරු තවමත් අජීවී ඒවා වීම හේතුවෙන් බව ඇය පවසන්නීය.

රටේ ආර්ථිකය ඉහළ දැමීම ගැන සාකච්ඡා කරන විට තල් වගාව යනු ඒ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයක් කළ හැකි කර්මාන්තයක් වන අතර තල් අරක්කු සහ රා බෝතල් කිරීම ඉනුදු ප්‍රමුඛ කර්මාන්ත වනවා මෙන්ම පැසුණු තල් රා යනු තල් අරක්කු නිෂ්පාදනයට කදිම ලෙස ගැලපෙන්නක් බවයි මාධ්‍යවේදිනී ශිවන්ති ප්‍රනාන්දු පවසන්නේ.

යාපනය තුළ තල් අරක්කු ස්කාගාර තුනක් මේ වන විට වෙළඳපොළ පවත්වාගෙන යන හෙයින් යාපනය තල් අරක්කුවලට විදේශීය හා සංචාරක වෙළඳපොළක් නිර්මාණය කිරීම නිසැකවම කළ හැකි දෙයක්ය යන්න අවිවාදිත තත්ත්වයක් වන්නේ මේ වන විට යාපනයේ තරු හෝටල්වල ප්‍රවර්ධනයටද තල් රා අත්‍යාවශ්‍ය සාධකයක් වීම හේතුවෙන් බවයි ඇය අදහස් කරන්නෙ.