කාන්තාවක් දුෂණය කළ බවට පොලීසියේ දෙදෙනෙකුට චෝදනා

  • 2016 අප්‍රේල් 27
Image copyright Getty Images
Image caption අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල සහ කාත්තන්කුඩි පොලිස් ස්ථානවල සේවය කරන කොස්තාපල්වරුන් බවයි වාර්තා වන්නේ

මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ වෙසෙන කාන්තාවක දූෂණය කළ බවට සැක පිට පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අඟහරුවාදා (26) සවස අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර පොලිස් භටයන් දෙදෙනා ලබන දහ වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

තිස් හය හැවිරිදි ඉහත කී කාන්තාව දෙදරු මවක වන අතර රැකියාව ලෙස කර ඇත්තේ ගෙන් ගෙට ගොස් ගෘහ සේවිකාවක ලෙස කටයුතු කිරීමයි.

එවැනි කටයුත්තක් සඳහා බව පවසමින් (ඉරිදා) නිවෙසකට කැඳවා ගෙන ගොස් දූෂණයට ලක් කළ බවයි එම කාන්තාව පැමිණිලි කර ඇත්තේ.

සැකකාර පොලිස් භටයන් දෙදෙනා දෙහිවල සහ කාත්තන්කුඩි පොලිස් ස්ථානවල සේවය කරන කොස්තාපල්වරුන් බවයි වාර්තා වන්නේ.

දූෂණයට ලක් වූ බව පැවසෙන කාන්තාව රෝහල් ගත කර ඇති අතර දූෂණයක් සිදු වී ඇති බවට වෛද්‍ය වාර්තා සනාථ කරන බවයි පොලිසිය පවසන්නේ.