උතුරේ සහ වන්නියේත් මැයි රැළි

Image caption දෙමළ ජනතාව විසින් අපේක්ෂා කරන ඔවුන්ගේ අයිතිවාසිකම් ලබන මැයි රැලියට පෙර දෙමළ ජනතාව වෙත ලැබෙනු ඇති බවටයි විපක්ෂනායකවරයා බලාපොරොත්තුව පළ කළේ

දෙමළ ජාතික සන්ධානය විසින් මෙවර ඔවුන්ගේ මැයි දින රැළිය පවත්වනු ලැබුවේ යාපනයේදීය.

මරදනාමඩම් ක්‍රීඩාංගනයේ දී පැවති මෙම මැයි රැළියේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වූයේ විපක්ෂයේ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයායි.

මැයි රැළිය අමතා කතා කළ සම්බන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියේ වැඩ කරන දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා දෙමළ ජනතා සන්ධානය පක්ෂයක් වශයෙන් දෙමළ ජනතාව සමග සැමදා එක්ව සිටින බවයි.

දෙමළ ජනතාව විසින් අපේක්ෂා කරන ඔවුන්ගේ අයිතිවාසිකම් ලබන මැයි රැලියට පෙර දෙමළ ජනතාව වෙත ලැබෙනු ඇතැයි යන විශ්වාසය තමන් සතුව ඇති බවද අද යාපනයේ පැවති මැයි දින රැලියේ දී පැවසුවේය.

Image caption දෙමළ ජාතික පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්

මේ අතර දෙමළ ජාතික පෙරමුණේ මැයි දින රැළිය අද යාපනයේ නෙල්ලිඅඩි පළාතේ දී පැවැත්වුනේ එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් ගේ ප්‍රධානත්වයෙන්.

මේ මැයි රැලියේ ප්‍රධාන තේමාව වූයේ වැඩකරන දෙමළ ජනතාවගේ ප්‍රශ්න පාලකයින් විසින් තේරුම් ගෙන ඔවුන්ගේ අනාගතය සුරැකෙන සෞභාග්‍යයමත් රටක් තැනීම අවශ්‍යයි යන තේමාවයි.

වන්නියේ සියලුම පොදු සංවිධාන වල මැයි දින රැළි දෙකක් අද වව්නියාවේ සහ මුලතිව් වල දී පැවැත්විණි.

නව සමාජවාදී මාක්ස්වාදී ලෙනින් පක්ෂයද වව්නියාවේ දී තවත් මැයිදින රැළියක් අද දහවල් පවත්වනු ලැබීය.