විශ්වාස භංගයේ අරමුණ වෙන එකක් - අමරවීර

Image copyright Mahinada Amaraveera

මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාස භංග යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ගැටලුවක් ඇති කිරීම සදහා ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන ලද්දක් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේ දී මුදල් ඇමති රවී කරුණානායකට එරෙහි විශ්වාස භංග යෝජනාව විවාදයට ගත් අවස්ථාවේදීය.

මුදල් ඇමැති රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් අද උදසන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ.

සභාවේ නැහැ

අද සවස 6 ට පමණයි ම්මේ ජන්ද විමසීම අරම්භාවුයේ, බලාපොරොත්තු වූ පරිදි එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ කණ්ඩායම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කල අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග ජනතා විමුක්ති පෙරමුණ යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන්නේය.

ඡන්ද විමසීම නාමිකව සිදු කෙරුනු අතර ඡන්දය විමසන අවස්ථාවේ හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය මංගල සමරවීර, කම්කම්රු අමාත්‍ය ඩබ්ලිව් ඩී.ජේ සෙනෙවිරත්න, විපක්ෂනායක ආර්. සම්බන්ධන් සහ ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරුන් ඇතුළු 28 දෙනෙකු සභාවේ සිටියේ නැත.

යෝජනාවට විරුද්ධව අදහස දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ ඒකාබද්ධ විපක්ෂය නගන චෝදනාවලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වගකිවයුතු බවයි පැවසුවේ

සංඛ්‍යා ලේඛන

ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් අදහස දැක්වූ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා සංඛ්‍යා ලේඛන ගණනාවක් පෙන්වමින් රටේ ආර්ථිකය කඩා වැටී ඇති බවට තර්ක කළේය.

එයට පිළිතුරු කතාවක් කරමින් අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ආණ්ඩුවේ සිටින විට ආර්ථික ධන ලෙසත් විපක්ෂය සිටින විට ආර්ථික ඍන ලෙසත් පෙනෙනු බවයි.

විශ්වාසභංග යෝජනා විවාදය පැවැත්වෙමින් තිබුණු අවස්ථාවේ තම මුදල් අමාත්‍යවරයාට විශ්වාසය පළ කිරීම සදහා ජනපති මෛත්‍රිපාල සිරිසේනද පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණි සිය ආසනයේ පැයකට ආසන්න කාලයක් රැදී සිටියා

මෙම විශ්වාසභංග යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් පාර්ලිමේන්තු සභා ගැබේ ශබ්ද විකාශන යන්ත්‍රවල ඇතිවූ දෝෂයක් හේතුවෙන් එය අදට කල් දැමිණ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර