වකුගඩු ජාවාරම: ඉන්දීය මහමොළකරු ගැන ශ්‍රී ලංකාවේත් පරීක්ෂණ

Image copyright AFP
Image caption පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ වකුගඩු සැත්කම් 1000 කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති අතර ඊට අදාලව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවතින ලේඛන ගැන පරීක්ෂණ පවත්වන බවයි.

නීතිවිරෝධී වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ඉන්දියාවේ දී අත් අඩංගුවට පත්ව සිටින රාජ්කුමාර් රාවෝ නමැති සැකකරු ශ්‍රී ලංකාවේ සිදුවූ නීතිවිරෝධී වකුගඩු ජාවාරම සමග හවුල් වී තිබේදැයි සොයා බැලීමේ පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.

මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් ලඟදීම ඉන්දියාවට යාමට නියමිත බවයි පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ.

නීතිවීරෝධී වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සැකපිට කොළඹදී අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින ඉන්දීය ජාතිකයින් හත් දෙනා අද නැවතත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එම අවස්ථාවේදී පොලිසිය ප්‍රකාශ කළේ පසුගිය වසර කිහිපය තුල ශ්‍රී ලංකාව තුළ වකුගඩු සැත්කම් 1000 කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති අතර ඊට අදාලව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවතින ලේඛන ගැන පරීක්ෂණ පවත්වන බවයි.

ඒ නුව සැකකරුවන් ලබන 22 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අධිකරණය එදිනට ඔවුන්ගේ ඇප ඉල්ලීම සලකා බලන බවයි නිවේදනය කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර