නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නාමල් ගැන තීන්දු කරන්නේ අධිකරණය - අජිත් පෙරේරා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් සාධාරණ නඩු විභාගයක් පැවැත්වෙනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා බදාදා පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක් වී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයට එල්ල කරන චෝදනාවලට පිළිතුරු දීම සඳහායි.

ඉහත කී අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් ලෙස හඳුන්වමින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නගන චෝදනා ප්‍රතික්ෂේප කරන නියෝජ්‍ය අමාත්‍යවරයා මාස 6 ක කාලයක් සිදු කළ පරීක්ෂණවලින් සනාථ වූ කරුණු මත පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට ඇති බව සඳහන් කළේය.

මේ අතර සිය පුත් නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ මෙවැනි කටයුතු තුළින් තව තවත් පන්නරය ලබා ඉදිරියට ගමන් කරන බවයි.

හිටපු ජනාධිපතිවරයා සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා දැක්වූ අදහස් ඉහත වීඩියෝ පටයේ දැක්වේ.