බීම වල සීනි ප්‍රමාණයට වර්ණ දර්ශකය අද සිට

සීනි භාවිතය අඩු කිරීමට 'බද්දක් පනවන්න' Image copyright Getty Images

බීම බෝතල්වල සීනි මට්ටම සඳහා වර්ණ සංකේත නිකුත් කිරීමේ නියෝගය සඳුදා සිට ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශය පවසයි.

ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කොට ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ.

සීනි මට්ටම සඳහා වර්ණ සංකේත නිකුත් කිරීමේ නියෝග කඩ කරමින් බීම බෝතල් අලවි කරන වෙළඳසල් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් මෙතැන් පටන් විශේෂ වැටලීම් සිදු කරනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේය.

අදාළ නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් බීම නිෂ්පාදන කර්මාන්තකරුවන් සහ වාණිජ මණ්ඩල නිලධාරීන් දැනුවත් කොට ඇති බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඒ අනුව ආහාර පාලන පනතේ විධිවිධාන යටතේ සෑම බීම වර්ගයකම මිලිලීටර් 100 ක් සඳහා ග්‍රෑම් 11 කට වැඩි ඉහළ සීනි මට්ටමක් අඩංගු නම් රතු වර්ණයෙන් ද, ග්‍රෑම් 02 සිට ග්‍රෑම් 11 දක්වා මධ්‍යම සීනි මට්ටමක් අඩංගු නම් කහ වර්ණයෙන් ද, ග්‍රෑම් 02 කට වඩා අඩු සීනි මට්ටමක් අඩංගු කොළ වර්ණයද සඳහන් විය යුතුය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්