ඉතාලි භූමි කම්පාව: 'ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් නැහැ'

  • 2016 අගෝස්තු 25
Image caption 'ඒ ගම්මාන තුනේ වැඩි පුරම වාසය කරන්නේ විශ්‍රාම ගිය උදවිය'

ඉතාලියේ සිදු වූ භූමි කම්පාවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදු වූ බවට මෙතෙක් වාර්තා වී නැතැයි ඉතාලියේ සිටින ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල පවසයි.

බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් තානාපතිවරයා තව දුරටත් කියා සිටියේ භූමි කම්පාවට ලක් වූ ප්‍රදේශයේ විදෙස් ශ්‍රමිකයන් එතරම් නොමැති අතර වැඩි වශයෙන් වාසය කරන්නේ විශ්‍රාමිකයන් බවයි.

'භූමි කම්පාව සිදු වුණේ කඳුකර පලාතක ගම්මාන තුනක. ඒ ගම්මාන තුනේ වැඩි පුරම වාසය කරන්නේ විශ්‍රාම ගිය උදවිය. එතන ශ්‍රී ලාංකිකයෝ කිසි කෙනෙක් වැඩ කරනවා කියල අපිට වාර්තා වෙලා නැහැ.' දයා පැල්පොල තානාපතිවරයා පැවසීය.

Image caption කඳුකර පලාතක ගම්මානක්

කෙසේ නමුත් ආපදා ඒකකය සමඟ සබඳතා පවතින බැවින් යම් ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් වී ඇත්නම් තමන්ට වහාම තොරතුරු ලැබෙන බවත් ඒ සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක වන බවත් තානාපතිවරයා ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර