මියන්මාර් ජනවාර්ගික ගැටලුවට විසඳුම් සොයන සමුළුවක්

  • 2016 අගෝස්තු 31
Image caption සමුළු නියෝජිතයන්

දශක කීපයක් රට තුළ දිග්ගැසෙමින් පවතින ජන වාර්ගික අර්බුදය නිමාවකට ගෙන ඒමේ ඉලක්කය සහිතව මියන්මාර් ආණ්ඩුවේ නිලධාරීන්, යුද හමුදාව සහ සුළු ජාතික කණ්ඩායම් දාහතක නියෝජිතයන් සාම සාකච්ඡාවක් ආරම්භ කර ඇත.

මියන්මාරයේ නිල නොවන එහෙත් සැබෑ නායිකාව වන අවුන් සාං සුචි සමුළුවට පෙන්වා දුන්නේ 'එක ජාතියක් හැටියට සිය රටට නැගී සිටිය හැක්කේ ගැටුම් අවසන් කළහොත් පමණක්' බවයි.

'නේපිඩෝ' (Naypyidaw) අගනුවර පැවැත්වෙන සාම සමුළුවට සිය ගණනක් නියෝජිතයන් සහභාගී වෙමින් සිටින බවයි මියන්මාර් වාර්තා වලින් පැවසෙන්නේ.

Image caption සාමයේ සංකේත දැක්වෙන සමුළු ශාලාව

සමුළුව ආරම්භ වීමට නියමිතව තිබියදී යුද හමුදාව සහ ජනවාර්ගික කණ්ඩායම් දෙකක් අතර ගැටුම් සිදු වෙමින් පැවතුන අතර මියන්මාරය මුහුණ දී සිටින ප්‍රශ්නයේ බරපතළභාවය එමගින් පෙන්නුම් කෙරෙන බවත් එම වාර්තා මගින් ප්‍රකාශ වෙයි.